[go: nahoru, domu]

Jump to content

කාන්තාවන්ගේ සුල්තාන් රාජ්‍යය

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.

කාන්තාවන්ගේ සුල්තාන් රජ්‍යය නැතහොත් කාන්තා සුල්තාන්වරියන්ගේ රාජ්‍යයසමය (තුර්කි: Kadınlar Saltanatı/කදන්නාර් සාල්තනත) යනු ඔටෝමාන් අධිරාජ්‍යයේ සුල්තාන්වරුන්ගේ භාර්යාවන් සහ මව්වරුන් රාජ්‍යය පාලනය කල කාල පරිච්ඡේදයකි. මෙය ඕටමන් අධිරාජ්‍යයට අසාමාන්‍ය දේශපාලන බලපෑමක් ඇති කළේය. මෙම සංසිද්ධිය දළ වශයෙන් 1533 සිට 1656 දක්වා සිදු වූ අතර, සුල්තාන් සුලෙයිමාන් I, හුරෙම් සුල්තාන් (Roxelana ලෙසද හැඳින්වේ)[1] සමඟ විවාහ වීමත් සමඟ ආරම්භ විය.

හුරෙම් සුල්තාන් (‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රොක්සෙලේනා), සුලෙයිමාන් I ගේ භාර්‍යාව(හසේකි සුල්තාන්).

මෙම කාන්තාවන් හසේකි සුල්තාන් ලෙස හඳුන්වන සුල්තාන්ගේ භාර්යාවන් හෝ වාලිදේ සුල්තාන් ලෙස හඳුන්වන සුල්තාන්ගේ මව්වරුන් විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වහල් සම්භවයක් ඇති අය වූ අතර, සුල්තාන් පාලන සමයේදී අපේක්ෂා කළ පරිදි විවාහය පිළිබඳ සම්ප්‍රදායික අදහස සුල්තාන්වරයාට නුසුදුසු යැයි සැලකූ අතර, ඔහුගේ රාජ්‍ය භූමිකාවෙන් ඔබ්බට කිසිදු පෞද්ගලික පක්ෂපාතීත්වයක් අපේක්ෂා නොකළේය. මෙම කාලය තුළ, "හසේකි" සහ "වාලිදේ" සුල්තාන්වරුන් දේශපාලන සහ සමාජ බලය හිමිකර ගත් අතර, එමඟින් අධිරාජ්‍යයේ දෛනික ක්‍රියාකාරිත්වයට බලපෑම් කිරීමට සහ දානපති කටයුතු කිරීමට මෙන්ම විශාල හසෙකි සුල්තාන් සංකීර්ණය වැනි ගොඩනැගිලි ඉදිකිරීමට ඉල්ලීමට හැකි විය. තවත් උදාහරණයක් ලෙස එමිනොනු හි වාලිදේ සුල්තාන් මුස්ලිම් පල්ලිය සංකීර්ණයද ගත හැක. මෙය යෙනි පල්ලිය (යෙනි ජාමි) ලෙසද හැඳින්වේ.

ඔටෝමන් අධිරාජ්‍යයේ බලවත් කාන්තා සුල්තානාවරුන්

නම උපත ස්වාමිපුරුෂයා දරුවන් විපත
හුරෙම් සුල්තාන් 1505 සුලෙයිමාන් I ශේසාදේ මෙහෙමෙද්, මීරිමා සුල්තාන්, ශේසාදේ අබ්දුල්ලා, සෙලීම් II, ශේසාදේ බයේසිද්, සහ ශේසාදේ ශ්‍යාංගීර් 1558 අප්‍රේල් 15
මීරිමා සුල්තාන් 1522 සුලෙයිමාන් Iගේ සහ හුරෙම් සුල්තාන්ගේ එකම දියණිය, සහ මහාමාත්‍යා රුස්තෙම් පාශා ගේ බිරිඳ අයිශේ හුමාශා සුල්තාන්, සුල්තාන්සාදේ ඔස්මාන් බේයි 1578 ජනවාරි 25
නූර්බානු සුල්තාන් 1525 සෙලීම් II මුරාද් III, ඉස්මිහාන් සුල්තාන්, ශාහ් සුල්තාන්, ගෙව්‍රහන් සුල්තාන්, ෆත්මා සුල්තාන් 1583 දෙසැම්බර් 7
සෆියේ සුල්තාන් 1550 මුරාඩ් III හුමාශා සුල්තාන්, මෙහෙමෙද් III, ශේසාදේ මහමද්, අයිශේ සුල්තාන්, ෆත්මා සුල්තාන්, මීරිමා සුල්තාන් 1619
හන්දාන් සුල්තාන් 1574 මෙහෙමඩ් III අහ්මඩ් I, සෙහ්සාඩ් සෙලිම්, සෙහ්සාඩ් සුලේමාන්, අයිශේ සුල්තාන් 1605 නොවැම්බර් 9
හාලිමේ සුල්තාන් 1570 මෙහෙමෙද් III ශේසාදේ මහමද්, මුස්තාෆා I, ශාහ් සුල්තා, හතීජෙ සුල්තාන් 1623 න් පසු
කොසෙම් සුල්තාන් 1590 අහමඩ් I අයිශේ සුල්තාන්, ෆත්මා සුල්තාන්, ගෙව්‍රහන් සුල්තාන්, හන්සාදේ සුල්තාන්, මුරාද් IV, ශේසාදේ කාසිම්, ශේසාදේ සුලෙයිමාන්, සහ ඊබ්‍රහීම් 1651 සැප්තැම්බර් 2
ටුර්හාන් සුල්තාන් 1625 ඉබ්‍රාහිම් මෙහෙමෙද් IV, ගෙව්‍රහන් සුල්තාන්, බෙහාන් සුල්තාන් සහ අතීකෙ සුල්තාන් 1683 අගෝස්තු 4

මූලාශ්‍ර

  1. ^ Kumar, Lisa, ed. (2017). Encyclopedia of World Biography. Farmington Hills, MI: Gale. pp. 305–306. ISBN 9781410324139.