[go: nahoru, domu]

Jump to content

ජාත්‍යන්තර කම්කරු දිනය

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
ජාත්‍යන්තර කම්කරු දිනය
Dateමැයි 1

වැඩකරන ජනතාවගේ දිනය මැයි පලමු වන දායි . සෑම සේවකයෙක්ටම මෙය සැමරීමට අයිතිය ඇත.

1886 මැයි 4 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ අරගලය හෙවත් 'හේමාකට් අරගලය' ලොව ප්‍රථම කම්කරු සටන ලෙස හැඳින්වෙන අතර, ලොව පුරා මැයි දිනය හෙවත් කම්කරු දිනය සැමරීමට ද බලපෑවේ එම සටන යි.

එම වර්ජනය මර්දනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවන් 11ක් මරුමුවට පත්ව තවත් කම්කරුවන් 130ක් තුවාල ලැබූ අතර, වැඩවර්ජනයට එක්වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්විය.

ලංකාවේ පළමු මැයි රැළිය

1890 සිට ලන්ඩනයේ කම්කරුවෝ මැයි දින සමරුව ආරම්භ කළ අතර මෙරට මැයි දින සැමරුම ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ ප්‍රමුඛයකු වූ ඒ. ඊ. ගුණසිංහ විසිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සමරා ඇත්තේ 1927 වසරේ දී ය. කම්කරු ඉතිහාසයේ සඳහන්ව ඇති පරිදි මෙරට පළමු මැයි රැළිය 1933 වසරේ දී පවත්වා ඇති අතර එහි පා ගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටිය දක්වා ගොස් ඇත.

මුද්‍රණ කම්කරු වර්ජනයෙන් බිහි වු මුල්ම වෘත්තිය සමිතිය

ලංකා ඉතිහාසයේ පළමු සංවිධිත කම්කරු අරගලය ලෙස හැඳින්වෙන්නේ එච්. ඩබ්ලිව්. කේව් සහ සමාගමේ මුද්‍රණ කම්කරුවන් 1893 දී කළ වැඩ වර්ජනය යි.

පුවත්පත් කාර්යාලවල සහ මුද්‍රණ සමාගම්වල සේවයෙහි යෙදුණු මුද්‍රණ කම්කරුවෝ හා පොත් බඳින්නෝ දහසකට වඩා මෙම සටනට එක් වී ඇත.

එම අසාර්ථක වර්ජනයෙන් පසුව 'මුද්‍රණ කම්කරුවන්ගේ සංගමය' නමින් මෙරට ප්‍රථම වෘත්තිය සමිතිය පිහිටවූ අතර ඉන් ආරම්භවූ මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය වසර 130ක් පමණ දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.