[go: nahoru, domu]

Jump to content

පුනරුදය

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
Florence, birthplace of the Italian Renaissance. The architectural perspective and new systems of banking and accounting were introduced during the time.

පුනරුදය (ඉංග්‍රීසි:  Renaissance) යන්නෙහි නැවත ඉපදීම යන අරුත ඇතතේය. මෙය පළමුව ඉතාලියෙන් ඇරඹි බටහිර යුරෝපය පුරා පැතිරිණි. මෙය පළමුව සංස්කෘතික ප්‍රවාහයක් ලෙස 14 වන ශතවර්ෂයේ දී ඇරඹිණි. මෙය පසුව සමාජ තලයේ වෙනස්කම් රැසක් ඇති කරන ලදි.

'පුනරුද මිනිසුන්' යන නාමය ලියනා‍‍ඩෝ ඩාවින්චි හා මයිකල් ආන්ජලෝ යන කලාකරුවන් විසින් පට බැඳිනි. සංස්කෘතික පුනර්ජීවයේ කැපී පෙනෙන මං සලකුණු ලෙස නැවතත් දාර්ශනික මුලාශ්‍ර ‍ඉගෙනීමට යෑම චිත්‍ර කලාව, අධ්‍යාපන පුනරැදය දැක්විය හැකිය. පසුව මෙය කලාකාමී පුනරුදයක සිට බුද්ධිමය පුනරුදයකට තාක්ෂණික විප්ලවයකට කෘෂිකර්මාන්තයේ දැවැන්ත පෙර උයනට හේතු විය. බොහෝ මිනිසුන් තම ඉඩම් හැර නග‍රයේ පදිංචි වුහ.

පුනරුදයේ උච්චතම අවස්ථාව උදාවුයේ 15 වන ශතවර්ෂයේ සිදු වූ සංසිද්ධියත් සමග ය. එනම් ඔටෝමාන් තුර්කිවරුන් විසින් කොන්ස්තන්තිනෝපලය බිඳ දැමීම හා විශ්වවිද්‍යාලය වසා දැමීම නිසා දහස් ගණන් ග්‍රීක උගතුන් ඉතාලියට පලා ගියෝය. ඔවුන් ඒ සමග ම විශාල වශයෙන් ග්‍රීක රෝම සාහිත්‍ය නීති පොත් ඉතාලියට ගෙන ගියහ.

මධ්‍යකාලීන චින්තනයට හා ක්‍රියාමාර්ගයන්ට දැඩි පහරක් පුනරුදය හේතුවෙන් එල්ල විණි. ඒ සමගම නව යුගය උදාවිණි.

සමස්තාවලෝකනය

පුනරුදය යනුවෙන් හැඳින්වෙන්නේ මුල් නූතන අවධියේ යුරෝපියානු ශාස්ත්‍රීය ජීවිතය කෙරෙහි අතිමහත් බලපෑමක් එල්ල කළ සංස්කෘතික ව්‍යාපාරයකි. ඉතාලියේ ඇරඹී 16වන සියවස වනවිට යුරෝපයේ සෙසු ප්‍රදේශ කරා ව්‍යාප්ත වුණු එහි ආභාෂය සාහිත්‍ය, දර්ශනය, කලාව, සංගීතය, දේශපාලනය, විද්‍යාව, ආගම සහ ඥාණ ගවේෂණයේ අනෙකුත් අංශයන් කෙරෙහි ද දක්නට ලැබුණි. පුනරුද සමයේ විද්‍යාර්ථීහු මානවවාදී ක්‍රමවේදය අධ්‍යයනය පිණිස වහල් කරගත් අතර කලාව තුළින් යථාර්ථවාදී දැක්මක් සහ මිනිස් හැඟීම් පිළිබඳ ගවේෂණයක් අපේක්ෂා කළහ. [1]

කොන්ස්තන්තිනෝපලයේ බිඳවැටීම විසින් ග්‍රීක විද්‍යාර්ථීන් විශාල පිරිසක් අපරදිග කලාපයේ අප්‍රකට ව තිබූ මාහැඟි අත්පිටපත් ද සමග වෙනත් රටවලට සංක්‍රමණය වූ අතරතුර පොගියෝ බ්රැසියොලිනි වැනි පුනරුද සමයේ මානවවාදීන් යුරෝපයේ ආශ්‍රම පුස්තකාලයන්හි පෞරාණික ලතින් සාහිත්‍යයික, ඓතිහාසික සහ ආගමික රචනාවන් පිළිබඳ ව අධ්‍යයනය කළහ. සාහිථ්‍යමය සහ ඓතිහාසික ලේඛන සම්බන්ධයෙන් පුනරුද ශාස්ත්‍රඥයන්ගේ වූ නැඹුරුව; ස්වභාවික විද්‍යාව, දර්ශනය, සහ ගණිතය පිළිබඳ ව වූ ග්‍රීක සහ අරාබි කෘති දෙසට සිය අධ්‍යයනය යොමුකළ මධ්‍යකාලීන ශාස්ත්‍රඥයන්ගෙන් ඔවුන් ව දැඩි ලෙස වෙනස්වීමට බලපෑවේ ය.

නව ප්ලැතෝනික පුනර්ජීවනයේ දී පුනරුද මානවවාදීන් ක්‍රිස්තියානිත්වය ප්‍රතික්ශේප නොකළ අතර ඉඳුරා ම ඊට පටහැනි ලෙස පුනරුදයේ උත්කෘෂ්ඨ කෘතීන් බොහොමයක් ම ඒ වෙනුවෙන් කැපවුණු සේම පල්ලිය ද බොහෝ පුනරුද කලාකෘතීන්ට අනුග්‍රහ දැක්වීය. එහෙත් සංස්කෘතික ජීවිතයේ බොහෝ අංශවල මෙන් ආගම කරා ද බුද්ධිමතුන් යොමු වූ ආකාරයේ සියුම් පෙරැළියක් දක්නට ලැබුණි. [2]එමෙන් ම ග්‍රීක නව තෙස්තමේන්තුව ඇතුළු බොහෝ ග්‍රීක ක්‍රිස්තියානි කෘතීන් බයිසැන්තියමෙන් පෙරළා බටහිර යුරෝපයට රැගෙන ආ අතර පුරාතන අවධියෙන් පසු ප්‍රථම වරට අපරදිග විද්‍යාර්ථින්ට මුණගැසුණි. ග්‍රීක ක්‍රිස්තියානි කෘතීන් සමග ඇතිකරගත් මෙම නව සබඳතාවයත් වෙසෙසින් ම ලොරෙන්සෝ වල්ලා සහ ඉරාස්මස් යන මානවවාදීන් විසින් සැපයූ නව තෙස්තමේන්තුවේ ග්‍රීක මුල් කෘතිය වෙත වූ යළික නැඹුරුවත් ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංවිධානය සඳහා මග සැලසීමට උපකාරී විය.

නිකොලෝ පිසානෝගේ මූර්තීන් තුළත් මැසසියෝ විසින් මෙහෙයවන ලද පර්යාලෝකය සහ එළිය-අඳුර වඩාත් ස්වාභාවික ව දැක්වීමේ ක්‍රම ගවේෂණය කරමින් මානව ස්වරූපය වඩාත් යථාර්ථවාදී ව නිරූපණයට උත්සහ දැරූ ෆ්ලොරන්ටියානු සිත්තරුන් තුළත් සම්භාව්‍යත්වය කෙරෙහි මුල් ම කලාත්මක යොමුව ආදර්ශනය වී තිබුණි. දේශපාලන දාර්ශනිකයන්; වඩාත් ප්‍රචලිත නිදසුනක් වශයෙන් නිකොලායි මැකියාවේලි වැන්නන් දේශපාලනයේ සැබෑ ස්වභාවය එළිදක්වමින් ඒ තාර්කික ව අවබෝධ කිරීමට උත්සහ කළහ. තාර්කිකත්වයට එරෙහි චෝදනාවන් ඛණ්ඩනය කරමින් දර්ශනය, ස්වාභාවික චින්තනය, ලබ්ධිය සහ ඉන්ද්‍රජාලිකත්වය යන මාතෘකාවන් පිළිබඳ රචනා එකතුවක් වූ ජියොවානි පිකෝ ඩෙලා මිරැන්ඩොලාගේ ඩි හොමිනිස් ඩිග්නිටේට් ඉතාලියානු පුනරුද මානවවාදයට කළ විශිෂ්ඨ සම්මාදමක් විය. සම්භාව්‍ය ග්‍රීක සහ ලතින් භාෂාධ්‍යයනයට සීමා නොවුණු පුනරුද යුගයේ ගත්කතුවරුන් පොදුජන ව්‍යවහාරයන් භාවිතයට ද යොමු වුණි. මුද්‍රණය සමග මේ අත්වැල් බැඳගැනීම විසින් ග්‍රන්ථ වෙසෙසින් ම බයිබලය බහුජනතාවට සමීප කෙරුණි. [3]

පූර්ණ වශයෙන් පුනරුදය යනු පුරාණ මතීන් යළි කැඳවීමෙන් මෙන් ම නව චින්තාවන් ද තුළින් ඓහිකත්වය සහ ලෞකිකත්වය හඳුනාගැනීමට සහ වැඩිදියුණු කිරීමට බුද්ධිමතුන් විසින් ගත් ප්‍රයාමයක් වශයෙන් දැකිය හැකි ය.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

සවිස්තරාත්මක සටහන්

උපහරණ

  1. ^ Perry, M. Humanities in the Western Tradition, Ch. 13
  2. ^ Open University, Looking at the Renaissance: Religious Context in the Renaissance (Retrieved May 10, 2007)
  3. ^ Open University, Looking at the Renaissance: Urban economy and government (Retrieved May 15, 2007)

භාහිර සබැඳි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

Interactive resources

Lectures and galleries

"https://si.wikipedia.org/w/index.php?title=පුනරුදය&oldid=627891" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි