[go: nahoru, domu]

Jump to content

ඔක්සිජන් වායුවෙහි භූවිද්‍යාත්මක ඉතිහාසය

විකිපීඩියා වෙතින්
පෘථිවියෙහි වායුගෝලයෙහි O2 එක්‍රැස්වීම. රතු සහ කොළ රේඛා වෙතින් නිමානයන්හී පරාසයන් පෙන්නුම් කරන අතර, කාලය මනිනු ලබන්නේ වර්තමානයට පෙර වසර බිලියන වලිනි (ගිපෙ).
අදියර 1 (3.85–2.45 ගිපෙ): වායුගෝලයෙහි ප්‍රායෝගික ලෙසින් O2 නොමැති.
අදියර 2 (2.45–1.85 ගිපෙ): O2 නිෂ්පාදනය කෙරුණු මුත්, සාගර සහ මුහුදු පත්ලෙහි පාෂාණ වෙතින් එය අවශෝෂණය කෙරෙමින්.
අදියර 3 (1.85–0.85 ගිපෙ): සාගරයෙන් පිටතට O2 ඉවත්ව ගිය මුත්, භූමි පෘෂ්ඨයන් වෙතින් අවශෝෂණය කරනු ලැබීම සහ ඕසෝන් ස්ථරය සෑදීම සඳහා භාවිතය.
අදියරයන් 4 & 5 (0.85 ගිපෙ–වර්තමානය): O2 අපායනයන් සම්පූර්ණයෙන් පුරවනු ලදුව, වායුව සංචය වීම.[1]

ප්‍රභාසංස්ලේෂණය විකාසයවීමට පෙර, පෘථිවියෙහි වායුගෝලය තුල නිදහස් ඔක්සිජන් (O2) නොවීය. [2] වායුගෝලයෙහි නිදහස් ඔක්සිජන් පළමුව එක්‍රැස්වීමට පෙර, අපද්‍රව්‍යයක් ලෙසින් O2 නිපැයූ ප්‍රභාසංස්ලේෂී ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් මෙහි ජීවත්වූ අතර,[3] එසේ වන්නට ඇත්තේ මෙයට වසර බිලියන 3.5 පමණ පෙර විය හැක. ඔවුන් නිපැයූ ඔක්සිජන් වායුගෝලයෙන් විගසින් ඉවත් කෙරුණේ, විශේෂයෙන් යකඩ වැනි ඔක්සිහාරක ඛනිජයන්හී ඛාදනය හේතුවෙනි. මෙම 'සාමුහික මලකෑම' නිසාවෙන් මුහුදු පතුලේ යකඩ ඔක්සයිඩය තැන්පත් වූ අතර, කලාපික යකඩ සැදුම් නිර්මාණය විය. වායුගෝලයේ කුඩා ප්‍රමාණ වශයෙන් හෝ ඔක්සිජන් රැඳී පැවතීම සිදු වූයේ මහා ඔක්සජනීකරණ සිදුවීම ඇරඹීමට වසර මිලියන 50 කට පමණ පෙරදී විය. [4] වායුගෝලයෙහි මෙම සාමුහික ඔක්සජනීකරණය විසින්, නිදහස් ඔක්සිජන් හී සීඝ්‍ර එක්‍රැස් වීම සිදු විය. ප්‍රාථමික නිෂ්පාදනයෙහි වර්තමාන සීඝ්‍රතාවයන් පරිදී, වර්තමානයෙහි පවතින ඔක්සිජන් සාන්ද්‍රණය නිෂ්පාදනය කෙරුමට, ප්‍රභාසංස්ලේෂීය ජීවින්ට වසර 2,000 ක් ගත වෙයි.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ http://rstb.royalsocietypublishing.org/content/361/1470/903.full.pdf
  2. ^ සිමර්, කාල් (3 ඔක්තොම්බර් 2013). "අර්ත්ස් ඔක්සිජන්: අ මිස්ට්‍රි ඊසි ටු ටේක් ෆො ග්‍රාන්ටඩ්". නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2013/10/03/science/earths-oxygen-a-mystery-easy-to-take-for-granted.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 3 ඔක්තොම්බර් 2013. 
  3. ^ ඩුට්කියෙවිච්, ඒ.; වෝක්, එච්.; ජෝර්ජ්, එස්. සී.; රිඩ්ලි, ජේ.; බික්, ආර්. (2006). "බයෝමේකර්ස් ෆ්‍රොම් හිරොනියන් ඔයිල්-බෙයරිං ෆ්ලුයිඩ් ඉන්ක්ලූෂන්ස්: ඇන් අන්කන්ටැමිනේටඩ් රෙකෝඩ් ඔෆ් ලයිෆ් බිෆෝර් ද ග්‍රේට් ඔක්සිඩේෂන් ඉවෙන්ට්". ජියෝලජි. 34 (6): 437. Bibcode:2006Geo....34..437D. doi:10.1130/G22360.1.
  4. ^ අන්බර්, ඒ.; ඩුවන්, වයි.; ලියෝන්ස්, ටී.; ආර්නෝල්ඩ්, ජී.; කෙන්ඩෝල්, බී.; ක්‍රීසර්, ආර්.; කෝෆ්මන්, ඒ.; ගෝර්ඩ්න්, ජී.; ස්කොට්, සී.; ගාවින්, ජේ.; බික්, ආර්. (2007). "අ විෆ් ඔෆ් ඔක්සිජන් බිෆෝ ද ග්‍රේට් ඔක්සිඩේෂන් ඉවෙන්ට්?". සයන්ස්. 317 (5846): 1903–1906. Bibcode:2007Sci...317.1903A. doi:10.1126/science.1140325. PMID 17901330.