[go: nahoru, domu]

Jump to content

චං'ආන්

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 34°16′N 108°54′E / 34.267°N 108.900°E / 34.267; 108.900

තාං යුගයේ චං'අන් හි ප්‍රාකාර දිගේ පැවති චුඒ කුළුණු, ක්‍රි.ව. 8වන සියවසට අයත් ෂාන්ෂි හි චියෑන්ලිං මොසෝලියමෙහි වූ ලි චොංරුන්ගේ (682–701) සොහොන්ගැබේ බිතුසිතුවමකි.
චං'ආන් is located in China
චං'ආන්
චං'ආන්
උතුරු මධ්‍යම චීනයෙහි පිහිටි චං'ආන්.
චං'ආන්
Simplified Chinese长安
Traditional Chinese長安
Literal meaning"සදාකාලික සාමය"

චං'ආන් ([ʈʂʰǎŋ.án] ( අසන්න); සරල චීන: 长安; සම්ප්‍රදායික චීන: 長安; පින්යින්: Cháng'ān) යනුවෙන් හැඳින්වෙන්නේ චීන ඉතිහාසයේ රාජවංශ දහයකට අධික සංඛ්‍යාවක අගනගරය ලෙස පැවති පුරාතන නගරයකි. මෙය වර්තමානයෙහි ෂි'ආන් ලෙස හඳුන්වනු ලබයි. චංආන් යන්නෙහි අර්ථය සම්භාව්‍ය චීන බසින් "සදාකාලික සාමය" යන්නයි. එය විවිධ නව චීන පාලකයන් විසින් සිය අගනගරය ලෙස තෝරාගන්නා ලදී. කෙටි කාලීන ෂින් රාජවංශ සමයේ දී මෙය "නියත සාමය" (චීන: 常安; පින්යින්: Cháng'ān) යනුවෙන් නම්කෙරුණු අතර පසුකාලීනව පැරණි නාමය යළි ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. මිං රාජවංශ සමයේ දී, අතීත සුයි සහ තාං රාජවංශ නගර භූමියෙහි නව ප්‍රාකාරමය නගරයක් ඉදිකෙරුණු අතර එය "බටහිර සාමය" යන අරුතැති ෂි'ආන් යනුවෙන් නම්කරන ලදී. එම නාමය වර්තමානයේ ද භාවිතා වන නාමයයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

උද්ධෘත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • Excavation of Changan, 2007, http://history.cultural-china.com/en/183H6233H12083.html 
  • China Features (November 19, 2006), Archaeologists dig deep to revive 2,200 year-old ancient capital, http://en.0437.gov.cn/dispArticle.Asp?ID=895 
  • Ministry of Culture, P.R.China (2003), Site of Capital Chang'an of Hanl, http://www.chinaculture.org/gb/en_travel/2003-09/24/content_36839.htm 
  • Schinz, Alfred (1996). The magic square: cities in ancient China. Edition Axel Menges. p. 428. ISBN 3-930698-02-1.
  • Institute of Archaeology, Chinese Academy of Social Sciences (IA CASS) (2003), Underground Passages Reveal Power Struggle in Ancient Han Capital, http://www.kaogu.cn/en/detail.asp?ProductID=957 

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Thilo, Thomas (2016), "Chang'an: China's Gateway to the Silk Road", in: Lieu, Samuel N.C., & Mikkelsen, Gunner B., Between Rome and China: History, Religions and Material Culture of the Silk Road (Silk Road Studies, XVIII), Turnhout, 2016, p. 91-112
  • Cotterell, Arthur (2007). The Imperial Capitals of China: An Inside View of the Celestial Empire. Pimlico. ISBN 978-1-84595-009-5. 304 pages.
  • Schafer, Edward H. "The Last Years of Ch’ang’an". Oriens Extremus X (1963):133-179.
  • Sirén, O. "Tch’angngan au temps des Souei et des T’ang". Revue des Arts Asiatiques 4 (1927):46-104.
  • Steinhardt, Nancy Shatzman (1999). Chinese Imperial City Planning. Honolulu: University of Hawaii Press.
  • Xiong, Victor Cunrui (2000). Sui-Tang Chang’an: A Study in the Urban History of Medieval China. Ann Arbor: University of Michigan Center for Chinese Studies.

බාහිර සබැඳි[සංස්කරණය]

පූර්වප්‍රාප්තිකයා
ෂියන්යං
චීනයේ අගනුවර
ක්‍රි.පූ. 206 – ක්‍රි.ව. 25
අනුප්‍රාප්තික
ලුවෝයං
"https://si.wikipedia.org/w/index.php?title=චං%27ආන්&oldid=473653" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි