[go: nahoru, domu]

Jump to content

ද්වාරය:තාරකා

විකිපීඩියා වෙතින්
හැඳින්වීම
විශාල මැගලනික් වලාවෙහි තාරකා ඇතිවන කලාපය . NASA/ESA රූප සටහන

තාරකාවක් යනු, එහි ගුරුත්වය විසින්ම බැඳ තබා ගන්නාවූ දීප්ත ප්ලාස්මා ගෝලයකි. තරුවක ආයු කාලය අවසානයේ එය තුල පිරිහුණු පදාර්ථ ප්‍රමාණයක්ද අඩංගු වේ. පෘථිවියට ළඟම තාරකාව සූර්යයා වන අතර පෘථිවිය මත ඇති ශක්තියෙන් බොහෝ ප්‍රමාණයක මූලාශ්‍රය වනුයේ සූර්යයාය. අනෙකුත් තාරකා රාත්‍රි කාලයේදී පෘථිවියට දර්ශනය වන අතර සූර්යයා වඩා දීප්තියෙන් නොබබළන අවස්ථාවන්හිදී හෝ වායුගෝලීය සංසිද්ධි වලින් අවහිර නොවූ අවස්ථාවන්හිදී අචල දීප්තිමත් ලක්ෂ්‍ය සමූහයක් ලෙස බොහෝ විට දැක ගත හැක. ඉතිහාසයෙහි අහසේ වඩා හොඳින් මතු වී පෙනුනු තාරකා එකට එකතු කොට තාරකා රාශි සහ තාරකා මණ්ඩල වශයෙන් හඳුනාගත් අතර වඩාත්ම දීප්තිමත් තාරකා සුදුසු ලෙස නම් කරනු ලැබීය. තාරකා විද්‍යාඥයින් විසින් සකස් කරන ලද සවිස්තර තාරකාවන්ගේ නාමාවලිය සම්මත වූ තාරකාවන්ගේ තත්වයන් පිළිබඳ විස්තර අඩංගු වේ.

අවම වශයෙන් තරුවක ආයු කාලයෙහි එක් කොටසකදී හෝ එහි මධ්‍යයේ පවතින හයිඩ්‍රජන්, තාපන්‍යෂ්ටික විලයනයෙන් මුදා හරින ශක්තිය තරුවෙහි අභ්‍යන්තරය හරහා ගමන් කර පිටත අවකාශයට නිකුත් කිරීම නිසා එහි දීප්තිය විහිදීම සිදු වේ. තාරකාවක ජීවිත කාලය තුල සිදුවන තාරීය න්‍යෂ්ටිකසංස්ලේශණය හෝ තාරකා පිපිරීමට ලක් වන අවස්ථාවේදී සිදුවන අද්භූත තාරකා න්‍යෂ්ටිකසංස්ලේශණය මගින් ස්වභාවිකව පවතින හීලියම් වලට වඩා බරින් වැඩි මූලද්‍රව්‍ය සියල්ලක්ම පාහේ නිර්මාණය වීම සිදු වේ. තාරකා විද්‍යාඥයන් හට තාරකාවක වර්ණාවලිය, දීප්තිය සහ අභ්‍යවකාශය තුලින් චලිතය නිරීක්ෂණය කිරීම මගින් තාරකාවක ස්කන්ධය, වයස, රසයනික සංයෝජනය සහ තවත් අනෙකුත් ගුණාංග නිර්ණය කර ගත හැක. තාරකාවක සම්පූර්ණ ස්කන්ධය එහි පරිණාමයෙහි හා අවසාන ඉරණමෙහි ප්‍රධානතම නිර්ණායකය වේ. පරිණාමීය ඉතිහාසය, විශ්කම්භය, පරිභ්‍රමණය, සංචලනය සහ උෂ්ණත්වය මගින් තාරකාවක අනෙකුත් ලක්ෂණ නිර්ණය කරනු ලබයි. බොහෝ තාරකා වල උෂ්ණත්වය, එහි දීප්තියට එදිරිව අඳින ලද ප්‍රස්තාරය, හර්ට්ස්ප්‍රන්ග් - රසල් ප්‍රස්තාරය (H - R ප්‍රස්තාරය) ලෙස හඳුන්වන අතර එය තාරකාවක වයස සහ පරිණාමීය තත්වය නිර්ණය කිරීමට උපකාරී වේ.

තෝරාගත් ලිපි
  • Image 2 ඇල්ෆා ක්‍රියාවලිය යනු න්‍යෂ්ටි සංස්ලේෂණ ක්‍රියාවලියකි. (තව දුරටත්...)
  • Image 3 Overview of the triple-alpha process. Triple-alpha process (ත්‍රිත්ව ඇල්ෆා ක්‍රියාවලිය) යනු හීලියම්-4 (helium-4) න්‍යෂ්ටීන් (ඇල්ෆා අංශු/alpha particles), කාබන් (carbon) බවට පරිවර්තනය වන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවකි. (තව දුරටත්...)
    Overview of the triple-alpha process.


    Triple-alpha process (ත්‍රිත්ව ඇල්ෆා ක්‍රියාවලිය) යනු හීලියම්-4 (helium-4) න්‍යෂ්ටීන් (ඇල්ෆා අංශු/alpha particles), කාබන් (carbon) බවට පරිවර්තනය වන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවකි. (තව දුරටත්...)
  • Image 4 කලු වාමන තරු (ඉංග්‍රීසි:  Black dwarf) යනු සෛද්ධාන්තික අභ්‍යවකාශ වස්තුවකි. (තව දුරටත්...)
    කලු වාමන තරු (ඉංග්‍රීසි:  Black dwarf) යනු සෛද්ධාන්තික අභ්‍යවකාශ වස්තුවකි. (තව දුරටත්...)
  • Image 5 The proton–proton chain reaction dominates in stars the size of the Sun or smaller ප්‍රෝටෝන–ප්‍රෝටෝන දාම ප්‍රතික්‍රියාව යනු න්‍යෂ්ටි සංස්ලේෂණ ක්‍රියාවලියකි. (තව දුරටත්...)
    The proton–proton chain reaction dominates in stars the size of the Sun or smaller


    ප්‍රෝටෝන–ප්‍රෝටෝන දාම ප්‍රතික්‍රියාව යනු න්‍යෂ්ටි සංස්ලේෂණ ක්‍රියාවලියකි. (තව දුරටත්...)
  • Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).

    ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

    ඔබට Star සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

    සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

    තෝරාගත් සේයාරු

    Lua දෝෂය in Module:Random_slideshow at line 192: No images found.

    උප ප්‍රවර්ග
    Category puzzle
    Category puzzle
    උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
    උප මාතෘකා
    ආශ්‍රිත විකිමීඩියා

    කොමන්ස්
    මාධ්‍ය

    විකිනිව්ස් 
    පුවත්

    විකික්වෝට් 
    කියමන්

    විකිසෝර්ක් 
    මූලාශ්‍ර

    විකිවර්සිටි
    ඉගෙනුම් මූලාශ්‍ර

    වික්‍ෂනරි 
    අර්ථ දැක්වීම්

    විකිඩේටා 
    දත්ත ගබඩාව

     · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

    සේවා දායකයේ කෑෂය හිස් කරන්න

    "https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:තාරකා&oldid=523895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි